මෙරට ඩොලර් බැඳුම්කරහිමියන් දේශපාලන අවිනිශ්චිතතාව මත තමන් සතු බැඳුම්කර විකුණා දැමීමට පෙළඹී ඇතැයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කරනවා.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ නායකත්වයේ වෙනසක් සිදුවුවහොත් අවසන් අදියරේ පවතින ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අසාර්ථක වනු ඇති බවට ආයෝජකයින් තුළ සැකයක් ඇති බවයි.

එමෙන්ම විපක්ෂයේ අපේක්ෂකයන් බලයට පත්වුවහොත් ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින කොන්දේසි වෙනස් කරගැනීමට නැවතත් සාකච්ඡා සඳහා යොමුවන බවට දැනටමත් ප්‍රකාශ කිරීම ඉතා අවදානම් සහගත තත්ත්වයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content