බ්‍රිතාන්‍ය විසින් පැහැදිලි අවදානමක් සහිත ආයුධ ඊශ්‍රායලයට විකිණීම අත්හිටුවා තිබේ.

අදාළ ආයුධ ජාත්‍යන්තර නීතීය උල්ලංඝනය කිරීමට භාවිත කළ හැකි බැවින් බ්‍රිතාන්‍ය මෙම තීරණය ගෙන ඇති බව සඳහන්ය.

බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය විසින් ඊශ්‍රායලයට ලබාදී තිබූ ආයුධ අපනයන බලපත්‍ර 350න් 30ක් අත්හිටුවීමට තිරණය කර ඇති බවය.

ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා සඳහා වන අමතර කොටස් එම තහනමට ලක්වූ ආයුධ අතර වන බව සඳහන්ය.

WhatsApp Group

Skip to content