රේගු වෘත්තිය ක්‍රියාමාර්ගය හමුවේ පරීක්ෂණ අංගන තුළ බහාලුම් විශාල සංඛ්‍යාවක් සිරවී ඇතැයි බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

උත්සව සමයේ ජනතාවට ලැබිය යුතු භාණ්ඩ විශාල සංඛ්‍යාවක් ද ඒ අතර වන බවයි එම සංගමයේ සභාපති සනත් මංජුල මහතා කියා සිටියේ.

අතිකාල සේවාවලින් ඉවත්වීමේ රේගු නිලධාරින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

මේ අනුව බලධාරින්ගෙන් විසඳුම් නොලැබීම හේතුවෙන් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක බවයි රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සදහන් කළේ.

රේගු වෘත්තීය සමිති කිහිපයක් අතිකාල සේවාවලින් ඉවත් වී පසුගිය සිකුරාදා දිනයේදී මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

WhatsApp Group

Skip to content