දොම්පේ, මාලින්ද ප්‍රදේශයේදී නාවික හමුදා බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්  පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

අනතුරට ලක්වූ ලොරි රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති අතර රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි වාර්තාවන්නේ.

බරපතල තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය පැවසුවේ එහිදී එක් අයෙකු මියගොස් ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබෙනවා.

අනතුරට සම්බන්ධ නාවික හමුදා බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව දොම්පේ පොලිසිය පැවසුවා.

WhatsApp Group

Skip to content