ඉන්දියාවේ ගාසිපුර් හි බස් රථයක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් එම බස් රථය ගිනි ගැනීමට ලක් ව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මේ වනවිට ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පුද්ගලයින් 30කට අධික පිරිසක් ගමන් කර අහි බව සඳහන්.

මෙම බසය මතට වෝල්ට් 11,000ක විදුලි රැහැනක් කඩා වැටී ඇති බවයි සඳහන් වන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බස් රථය ගිනි ගැනීම නිසා පිටතට පැමිණීමට නොහැකිව එහි සිර වූ පිරිස පිළිස්සී මිය ගොස් ඇති බවයි.

 

WhatsApp Group

Skip to content