කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ගස කඩා වැටීමෙන් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇති අතර එයින් බොහෝ පිරිසක් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි වාර්තා වන්නේ.

කොල්ලුපිටිය ආර්.ඒ. ද මෙල් මාවතේදී පිටකොටුව සිට දෙණියාය බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්රථයක් මතටයි මෙලෙස ගස කඩා වැටී ඇත්තේ.

මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කජුගම ප්‍රදේශයේදී අද අඵයම බස් රථයක් සහ බහාලුම් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් විසි දෙදෙනෙකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

එම අනතුරෙන් තුවාල ලැබූ සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ලංගම බස්රථයක පාසල් බස්රථයක් ගැටීමෙන් කුලියාපිටියේදී සිදු වූ අනතුරකින් සිසුන් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ සිසුන් පිරිස කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

WhatsApp Group

Skip to content