ලංගම බස් රථයක්  ප්‍රපාතයකට පෙරළීමෙන් අද දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

රත්නපුර – සිරිපාගම මාර්ගයේ ඉඳුරුව – මහවංගුව අසලදී  මෙම බස් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර අනතුර හේතුවෙන් බස් රථයේ ගමන් ගත් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා ගිලිමලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල වීම් හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා  ඔවුන් රත්නපුර රෝහලට මාරුකර යවා තිබෙනවා.

රියදුරට වේගය පාලනය කරගැනීමට නොහැකි වීම අනතුරට හේතු වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content