මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 41,700 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඉන්, වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 10,486 ක් වනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4936 ක් වාර්තා වී ඇති අතර රෝගීන් 2306 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතෙන් රෝගීන් 17,728 දෙනෙක් වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

මේ මාසයේ ගත වු කාලය තුළ පමණක් රටපුරා රෝගීන් 2289 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content