පල්ලෙබැද්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකි.

වන්දනා නඩයක් සිරිපා වන්දනාවේ ගොස් යළි බෙරලපනාතර බලා යමින් සිටියදී පල්ලෙබැද්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී ඇති අතර එහිදී පාසල් සිසුවා බස් රථයෙන් පිතට විසිවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර වන අවස්ථාවේ බස් රථයේ එන්ජින් පෙට්ටිය මත ඔහු වාඩි වී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පිරිමි ළමයා පල්ලෙබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගොඩකවෙල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content