පාන් පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පිටි ආනයන සමාගම් 2 ක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීම හේතුවෙන් බව ජාතික ජනබලවේගය පවසනවා.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ සෑම ජනාධිපතිවරණයකටම පිටි සමාගම් මුදල් රැස් කරන බවයි.

එමෙන්ම තිරිඟු පිටි ආනයනය සදහා බලපත්‍ර නිකුත් නොකිරීම හේතුවෙන් පෞද්ගලික සමාගම් දෙකක් අධික ලාභයක් ලබන බව ද ඔහු සදහන් කළා.

අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ තිරිගු පිටි ආනයනය කළහොත් රුපියල් 160 ක මිලකට පිටි කිලෝවක් වෙළදපොලෙහි අලෙවි කළ හැකි බවයි. ඉන් ආණ්ඩුවට ද ආදායමක් ලැබෙන බව ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/ANURA-KUMARA-EDIT.-01-.mp3?_=1

එමෙන්ම මේ වන විට ලෝක වෙළදපොලේ තිරිගු පිටි මිල පහළ ගොස් ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/07/ANURA-KUMARA-EDIT.-02-.mp3?_=2

 

WhatsApp Group

Skip to content