බලංගොඩ ගවරන්හේන ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන් සිව්දෙනාගෙන් සිරුරු සොයාගෙන තිබෙනවා.

පසුගිය ඉරිදා රාත්‍රියේ නිවාස කිහිපයක් මතට පස් කන්දක් නායයෑම හේතුවෙන් එකම පවුලේ සිව්දෙනෙකු අතුරුදන් වූ අතර, දින දෙකක් පුරා සිදු කළ මෙහෙයුමෙන් අනතුරුවයි මෙම සිරුරු සොයාගෙන ඇත්තේ.

ආපදා කළමනාකරණ ඒකකය ශ්‍රී ලංකා යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් සිදු කරනු ලැබුවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණියන්න දෙදෙනායි.

ඔවුන් වයස අවුරුදු 45, 40, 16 සහ 10 යන වයස්වල පසුවන බවයි පොලීසිය සදහන් කළේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content