බලංගොඩ ගවරන්හේන, වැහින්තැන්න ප්‍රදේශයේ ඊයේ ඇති වූ නායයාමකින් පුද්ගලයන් සිව් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

මෙම නායයාම හේතුවෙන් නිවාස 03කට පමණ හානි සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ එක් නිවසක සිටි මව,පියා සහ දියණියන් දෙදෙනෙකු බවට අනාවරණය වී තිබෙනවා.

මේ අතර නායගිය ස්ථානයේ පිහිටි තවත් නිවාස කිහිපයක සිටි පුද්ගලයන් ඉන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලීසිය සදහන් කළේ.

අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙම නායයෑම සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් නායයාමේ අවධානම තවදුරටත් පවතින බැවින් අතුරුදන් වූ පුද්ගලයන් සෙවීමේ කටයුතු අද දිනයේදී සිදු කිරීමට පියවර ගන්නා බවයි පොලීසිය සදහන් කළේ.

WhatsApp Group

Skip to content