හෙරොයින්, අයිස්, අබිං, මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පෞද්ගලික බස් රථවල රියදුරන් සහ කොන්දොස්තරවරුන් 8 දෙනෙකු විශේෂ වැටලීමකින් වේල්ලවීදිය පොලිසිය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

වේල්ල වීදිය පොලිසියට බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත, බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම්පොළවල මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින කොන්දොස්තරවරුන්ට සහ රියදුරන්ට හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය අලෙවි කරන පුද්ගලයෙකුද අද පෙරවරුවේ වේල්ලවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content