බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් පාසල් සිසුන් 50 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

මෙලෙස රෝහල් ගතකර ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක්.

පාසල ඉදිරිපිට අඹගසක තිබු බඹර කූඩුවකට උකුස්සෙකු ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඒ හේතුවෙන් බඹරුන් ඇවිස්සී ඇති බව සඳහන්.

බඹරුන් දෂ්ට කිරිම හේතුවෙන් රෝහල් ගත කළ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවයි හිගුරක්ගොඩ රෝහල් ප්‍රකාශකයකු සඳහන් කලේ.

බඹර ප්‍රහාරයෙන් ගුරුවරයෙකුට සහ මුරකරුවෙකුට ද තුවාල සිදු වී තිබෙනවා.

WhatsApp Group

Skip to content