නිකවැරටිය, බෝගොල්ලාගම ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත බදින තුවක්කු 04ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවටගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවටගත් සැකකරු 58 හැවිරිදිවියේ පසුවන නිකවැරටිය බෝගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content