සංවිධානාත්මක අපරාධකරුවන්ට සැඟව සිටීමට නිවසක් ලබා දුන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම බන්ධනාගාර සැරයන්වරයාට අයත් නාවල, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි තෙමහල් නිවසක් මෙලෙස සංවිධානාත්මක අපරාධකරුවන්ට ලබා දී ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.

පසුගිය ජූලි මස 14 වැනිදා ගලපිටමඩ පොලිස් වසමේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් චතුවා නමැති සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී මෙම නිවස සම්බන්ධයෙන් කරුණු හෙළි වී ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය මැයි මස විසි වැනි දින බොරැල්ල ප්‍රදේශයේ දී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකරන ලද සැකකරුවන්ද මෙම නිවසේ නවාතැන් ගෙන සිටි බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය වැඩිදුරටත් පවසනවා.

මෙම නිවසේ තිබී කළු පැහැති ගමන් බෑගයක් ,සැකකරුවන් පාවිච්චි කරන ලද ඇඳුම් සහ ජංගම දුරකථනයක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

WhatsApp Group

Skip to content