ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මෙරට ආර්ථික හා සමාජ සංඛ්‍යා දත්ත සම්බන්දයෙන් නිකුත්කොට ඇති වාර්තාවට අනුව 2022 වර්ශයේ බන්ධනාගාරගත වු රැඳවියන්ගෙන් 2340 දෙනෙකු උපාධිධාරින් බව හෙළි වී තිබෙනවා.

අදාළ වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසර 3 තුළ වැඩිම උපාධිධාරින් සංඛ්‍යාවක් බන්ධනාගාරගත වී ඇත්තේ 2022 වර්ෂයේ බවයි.

මෙසේ බන්ධනාගාරගත වී ඇති උපාධිධාරින් අතුරින් 41 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් සංඛ්‍යාව 2,299ක් සිටින බවයි වාර්තා වන්නේ.

2022 වසරේ බන්ධනාගාර ගත වී ඇති පිරිසෙන් අ.පො.ස උසස්පෙළ සමත් වු රැදවියන් සංඛ්‍යාව 8420ක් වන අතර අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් රැදවියන් සංඛ්‍යාව 7168ක් වන බව ද සඳහන්.

WhatsApp Group

Skip to content