මනුෂ නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පසු පුරප්පාඩුව පවතින පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කළා.

බණ්ඩාරිගොඩ මහතා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්ව තිබුණා.

මේ අතර හරීන් ප්‍රනාන්දු මහතාගේන් පුරප්පාඩු වු මන්ත්‍රි ධුරය සදහා ඉදිරියේදී අයෙකු නම් කිරීමට නියමිතයි.

ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර , සුජීව සේනසිංහ සහ අජිත් පී පෙරේරා මහතාගේ නම යෝජනා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content