ලංකා ගමනාගමන මණ්ඩලයේ පාඩු ලබන ඩිපෝ ආයතන පෞද්ගලික අංශයේ හෝ වෙනත් පාර්ශ්වයකට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරය මගින් දැනුම් දී ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා .

අමාත්‍යවරයා මෙම කරැණු අනාවරණය කළේ ඉන්දීය ණය ආධාර යටතේ ලැබුණු බස් රථ 40 ක් බෙදාදීම නිමිත්තෙන් පනාගොඩ ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක් වෙමින් .

මේ වන විට රියදුරන් සහ කොන්දොස්තරවරැන්ගේ හිගය හේතුවෙන් ඩිපෝ 107 ක බස් රථ 800 ක් ධාවනයෙන් ඉවත්ව ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා .

ඒ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතියට යටත්ව කොන්ත්‍රාත් පදනම යටතේ රියදුරන් සහ කොන්දොස්තරවරැ 1600 දෙනෙකු තාවකාලික පදනම මත බදවා ගැනීමට නියමිත බවයි අමත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කියා සිටියේ

WhatsApp Group

Skip to content