පොදු එකඟතාවයන් තුළින්, මගී ජනතාව අපහසුවට පත්වන වර්ජන සහ වෙනත් වෘත්තීය ක්‍රියාමාර්ග වලින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කර තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කලේ දුම්රිය දෙපාර්තමේන්තුවට අනුබද්ධව ක්‍රියාත්මක වන වෘත්තීය සමිති රැසක නියෝජිතයින්,සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්. එය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුනා .

දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ ඉදිරි කටයුතු සහ වෘත්තීය සමිතිවල යෝජනා පිළිබඳව මෙහිදී අදහස් රැසක් ඉදිරිපත් වුනා.

එමෙන්ම විවිධ අංශ වලින් වාර්තා වන වංචා දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ සැලකිල්ල යොමුකරමින් වාණිජ අංශය මගින් සිදු කරන සියලු බදු දීම් අද සිට තාවකාලිකව සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසුවේ .

WhatsApp Group

Skip to content