බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම තත්වයක පැවැතීම ඊට හේතුව බවයි.

එම කොමිසම අහෝසි කිරීම සඳහා විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සක්‍රීය කාර්යභාරයක් ඉටු නොකරන මෙවැනි කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බවයි ඒ මහතා සඳහන් කලේ.

 

WhatsApp Group

Skip to content