බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.

නායයාමක් හේතුවෙන් දින 7ක පමණ කාලයක් බදුල්ල බණ්ඩාරවෙල මාර්ගය අවහිර වී තිබුණා.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ අද(16) දහවල් සිට එම මාර්ගය විවෘත කළ බවයි.

පසුගිය 9 වැනිදා බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ 7 කණුව ප්‍රදේශයෙන් නායයාමක් සිදුවීම හේතුවෙන් අද දක්වා එම මාර්ගය අවහිර වී තිබීම හේතුවෙන් වසා දැමුණා.

මාර්ගයේ අවහිරතාවයන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉවත් කර මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කළා.

අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානයේ භූ විද්‍යාඥයින් විසින් අදාළ මාර්ගයේ රථ වාහන ධාවනය සුදුසු තත්ත්වයේ පවතින්නේද යන්න සොයා බැලූ බවද ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියා.

WhatsApp Group

Skip to content