අද (16) අලුයම බදුල්ල පොලිස් කොට්ඨාස විෂමත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය සිදු කළ වැටලීමකදී බදුල්ල නගරයේ අරාබි පාසලක් තුළ පවත්වාගෙන ගිය නීති විරෝධි ගව ඝාතකාගාරයක් නීතියේ රැහනට හසු කරගෙන තිබේ.

වැටලීමේදී එළදෙණුන් සිව් දෙනෙකුගේ මස් සමඟ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදීත් බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනය ඉදිරියේ පිහිටා ඇති මෙම අරාබි පාසලේ තවත් ගවයන් මස්කරමින් සිටි බවත්, එසේ මස් කිරීමට සූදානම් කර තිබූ අවුරුදු 3ක් පමණ වන වහුපැටියෙක් බේරාගැනීමට හැකි වූ බවත් බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා පවසා තිබේ.

කාලයක සිට මෙම ස්ථානයේ ගවයන් ඝාතනය කර, මස් නගරයේ ගවමස් වෙළෙඳසල්වලට සපයා ඇති බව විමර්ශනවල දී අනාවරණය වූ බව පොලිසිය පැවසුවා.

අත්අඩංගුවට ගත් අවුරැදු 47,49,39,48 යන වයස්වල සැකකරුවන් වැලිමඩ, බෝගහකුඹුර, බණ්ඩාවෙල, හාලිඇල සහ නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අය බව සඳහන්.

මෙම අරාබි පාසලේ අරක්කැමියාද අදාළ සැකකරුවන් අතර වන බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

WhatsApp Group

Skip to content