ඩුබායි රාජ්‍යයේ සිට මෙරට තුල මහා පරිමානයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරනු ලබන බඩෝවිට අසංක නැමැත්තාගේ ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස පොලිස් වසමේ අත්තිඩිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කල බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කලේ.

29 වන වියේ පසුවන මෙම සැකකරු සතුව එම අවස්ථාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය ද තිබී ඇති අතර මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු  ගල්කිස්ස පොලිස් ස්ථානය විසින් සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content