බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සදහා රුපියල් 20 000 ක මුදලක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එම මුදල බිම් සකස් කිරීම සදහා ලබා දෙන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

රුපියල් 20 000 ක මුදල නැවත අයකර ගැනීමකින් තොරව ලබා දීමට කටයුතු යොදා ඇති බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවා.

එමෙන්ම වගාවට අවශ්‍ය බඩඉරිගු බීජ සහ පොහොර සියල්ල නොමිලේ ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර ලබන මහ කන්නයේදී බඩඉරිගු වගාව සදහා දිස්ත්‍රික්ක 5 ක් තෝරාගෙන එහි ගොවීන්ට අවශ්‍ය සහන ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අනුරාධපුර, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවල ගොවීන්ට මෙම සහන ලබා දෙනු ඇති.

 

WhatsApp Group

Skip to content