ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි සහ අවසාන එක්දින ජාත්‍යන්තර තරගය මේ වනවිට බංග්ලාදේශයේ චිතගොං හි පැවැත්වෙයි.

එහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ජනිත් ලියනගේ ය. ඔහු රැස්කළ ලකුණු ගණන නොදැවී 101කි.

එය ඔහුගේ මංගල එක්දින ජාත්‍යන්තර ශතකයයි.

WhatsApp Group

Skip to content