බංග්ලාදේශයට බලපා ඇති අධික වැසි තත්වය හමුවේ ඇතිවූ ගංවතුර සහ ආපදාවලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන 5 කට වැඩි පිරිසක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවයි.

එරට මාර්ග අවහිරවීම් හේතුවෙන් ගළවාගැනීමේ මෙහෙයුම් සහ සහන සේවා කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

ඉන්දියාවේ වේල්ලක වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් බංග්ලාදේශයේ ජල ගැලීම් තත්වය ඉහළ ගොස් ඇති බවට ඇතමුන් චෝදනා කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content