සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැති අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මේ අනුව තරග 03 කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයගැනීමටයි බංග්ලාදේශය සමත් වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පන්දු ඕවර 50දී රැස්කළ හැකි වූයේ සියලුදෙනා දැවී ලකුණු 235ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ එහිදී නොදැවී 101ක් රැස් කලා.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 29ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37ක් රැස් කිරීමටයි සමත් වුණේ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් තස්කින් අහමඩ් කඩුලු 03ක් දවා ගත්තා.

මේ අනුව ලකුණු 236ක ඉලක්කයක් ලැබූ බංග්ලාදේශ කණ්ඩායම පන්දු ඕවර 40.2 කදී සිය ඉලක්කය හඹා ගියා.

එහිදී තන්සිඩ් හසන් ලකුණු 84ක් රැස්කළ අතර මුස්ෆිකූර් රහීම් නොදැවී ලකුණු 37ක් රැස්කළා.

WhatsApp Group

Skip to content