සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි.

දෙවැනි දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට පන්දුවාර 15ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 55ක් රැස් කරගෙන සිටියා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 531ක් රැස් කළා.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩාම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 476ක් පිටුපසින් පසුවනවා.

WhatsApp Group

Skip to content