රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත්වීමට හේතු සෙවීම සදහා පත් කළ කමිටුව අද පළමුවරට රැස්වීමට නියමිතයි.

 

එම රැස්වීම අද දින පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා කියා සිටියා.

 

එහිදි කමිටුවේ සාමාජිකයින් සමග සාකච්ඡා කර ඉදිරි පියවර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 

අදාළ කමිටුවේ සාමාජිකත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඉවත් වීමට පසුගියදා තීරණය කර තිබුණා.

 

අදාළ කමිටුවේ සභාපතිවරයා ලෙස සාගර කාරියවසම් මහතා පත් කිරීම පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

 

පෙර පැවති ආණ්ඩුව සමයේ ගත් වැරදි තීන්දු තීරණ මූලික කරගනිමින් ආර්ථික අර්බුදය පැමිණි බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කියා සිටියේ.

 

මේ අතර ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අද දිනයේදී පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කරන බව සමගි ජනබලවේගය පවසනවා.

 

එහිදි එම කමිටුවේ සංයුතිය වෙනස් කරන ලෙස විපක්ෂය විශේෂ යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද සඳහන්.

WhatsApp Group

Skip to content