පොළොන්නරුව – මනම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් මාර්ගස්ථ අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් එම වාර්තාව කැඳවන ලෙසයි.

එමෙන්ම ආණ්ඩුකාරවරයා විසින් අනතුරට පත්වූවන්ට අවශ්‍ය හදිසි ආධාර, කඩිනමින් ලබාදෙන ලෙසත් පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

කඳුරුවෙල සිට කල්මුණේ දක්වා ගමන් කළ මගී ප්‍රවාහන බස් රථය ඊයේ අනතුරට ලක්වීමෙන් 11 දෙනෙකු මියගියා. එමෙන්ම තුවාල ලැබූ 41 දෙනෙකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ සහ මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර ඊයේ රාත්‍රියේ අනතුරට ලක් වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස්රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අවසර පත්‍රයක් නොමැති බස්රථයක් බවයි එම කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසුවේ. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/SHASI-WELGAMA-EDIT-.mp3?_=1

මේ අතර අඹන්පොළ ප්‍රදේශයේ දී අද අලුයම සිදු වූ තවත් බස්රථ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content