වී වගාව සදහා රජය මගින් ලබා දෙන පොහොර සහනාධාරය කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ ඊට අදාළ අවශ්‍ය පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන් බවයි.

ඇතැම් කුඹුරු හිමියන් විසින් වගා කරන ගොවීන් කලින් කලට වෙනස් කිරීම හමුවේ පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වෙත බැර කිරීම ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මේ අතර මෙවර යල කන්නයේදී පොහොර මිලදී ගැනීම සදහා රුපියල් බිලියන 5.4ක් ගොවි ගිණුම් වෙත බැර කර තිබෙනවා.

WhatsApp Group

Skip to content