පොහොර මිල ඉදිරියේදී සීඝ්‍රයෙන් වැඩි වීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධානයක නාමල් කරුණාරත්න මහතා පැවසුවේ පුද්ගලික අංශයට පොහොර ගෙන ඒමට රජය අවසර ලබා දීම මගින් මෙලෙස පොහොර මිල වැඩිවනු ඇති බවයි.

එමෙන්ම ජලය ලබා නොදීම හේතුවෙන් විනාශ වු ගොවිතැන් සදහා වන්දි ලබා දීම ආණ්ඩුව මගහරිමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා සදහන් කළා.

ඔහු කියා සිටියේ ගොවීන්ට වන්දි ලබා දීමට රජය කඩිනමින් පියවර ගතයුතු බවයි.

WhatsApp Group

Skip to content