ගොවීන් නොමිලේ බෙදා දීම සදහා නිකුත් කරන ලද පොහොර තොගයක් සගවාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

ඒ මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී.

ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගොවින්ට බෙදාා දීම සදහා නිකුත් කරන ලද යුරියා කිලෝ ග්‍රෑම් 50 පොහොර මිටි 12 ක් සහ බයෝ ග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536 ක් එහිදී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ පදිංචි 57ත් හැවිරිදි පුද්ගලයෙක්.

WhatsApp Group

Skip to content