ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකරන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම විසින් පිහිටුවන නව සන්ධානයේ සභාපති ධූරය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මෙම නව සන්ධානය “ජන ජය පෙරමුණ” ලෙස නම් කිරීමට යෝජනා වී ඇති අතර එහි මහලේකම් ධුරයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාව නම් කර ඇති බවද සදහන්.

නව සන්ධානය පිහිටුවීම පිළිබඳ මූලික සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

නව සන්ධානයේ නිලධාරි මණ්ඩලය, විධායක සභාව මෙන්ම ඊට සෙසු පක්ෂ සම්බන්ධ කර ගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content