ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් පිරිසක් අද නව සන්ධානයක් පිහිටුවීමට නියමිතයි.

මෙම සන්ධානය නිර්මාණය කරනු ලබන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පල කිරීම සදහා එක්වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් .

එහි මහා ලේකම් ධූරය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට හිමි වනු ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ .

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා දේශපාලන පක්ෂ 27ක් ගිවිසුම් ගත වී තිබෙනවා

සමගි ජන සන්ධානය සමග මෙලෙස ගිවිසුම් ගතවී ඇත්තේ මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය සහ ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27ක්.

WhatsApp Group

Skip to content