ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව නම් කරනු ලැබුවා.

ඒ බත්තරමුල්ල , නෙළුම් මාවතේ පිහිටා ඇති එම පක්ෂ මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදියි.

නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

2024 ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව නිවේදනයක් මගින් ඊයේ දැනුම් දෙනු ලැබුවා .

ඉන් අනතුරුවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සිය අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතාව නම් කලේ.

WhatsApp Group

Skip to content