අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් එකොළහක් මේ මස 18 වෙනිදා සිට 20 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කලේ.

ඒ අනුව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය,ස්වර්ණපාලි ජාතික පාසැල,වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය,නිවත්තකචේතිය ජාතික පාසැල,සහිරා ජාතික පාසැල,විවේකානන්ද මහා විද්‍යාලය,දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය,මිහින්තලේ මහා විද්‍යාලය,මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය මෙලෙස වසා දැමීමට නියමිතයි.

විශේෂ ආරක්ෂක රාජකාරි සදහා පිට පළාත්වලින් පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීම සඳහායි එම පාසල් මෙලෙස වසා දමනු ලබන්නේ.

අනුරාධපුර ජාතික පොසොන් උත්සව කමිටුව හා අනුරාධපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා විසින් උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතින් කළ ඉල්ලීමක් මත එම පාසැල් මෙසේ වසා තැබෙනු ඇති.

WhatsApp Group

Skip to content