පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම එළඹෙන අගහරුවාදා සිට සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව 2019 වසරේ සිට 2021 වසර දක්වා වන වසර තුනේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට හිමි වනු ඇති.

ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවයි එම අමාත්‍යංශ සදහන් කලේ.

අදාළ අයැදුම්පත් www.studentioans.m.o.h.e.gov.lk යන වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කිරීමේ හැකියාව පවතිනවා.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 070 3 555 970 සිට 79 දක්වා වන දුරකථන අංක අමතා ලබාගත හැකියි.

 

WhatsApp Group

Skip to content