පොලිස් නිලධාරින් පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පොලිස් නිලධාරින් අට දෙනකු සහ ගම්වාසීන් දෙදෙනකු රෝහල් ගත කර තිබෙනවා .

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ වැටලීමක් සදහා ගිය පොලිස් කණ්ඩායමක් සහ ගම්වාසින් අතරයි මෙම ගැටුම හටගෙන ඇත්තේ .

පස්වරුවේදි රෝහල්ගත කර ඇතැයි වීරකැටිය පොලිසිය කියා සිටියේ මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක පහලව ඔවුන් පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම පිරිස එයට විරෝධය දක්වා පොලිසිය සමග බහින්බස් වීමක් ඇති කර ගත් බවයි.

අනතුරුව එම තත්වය ගැටුමක් දක්වා වර්ධනය වූ බවද මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා .

මෙලෙස තුවාල ලැබූ පොලිස් නිලධාරින් අතරට උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක උප නියාමකවරුන් දෙදෙනකු ඇතුලත් වනවා.

ඔවුන් වීරකැටිය දිසා රෝහලට සහ තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සදහන් .

සිද්ධිය සම්බන්ධව කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු සැක පිට අත්අඩංගුවට ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content