කදාන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයකුගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු පොලිසිය සමග අද අලුයම ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සපුගස්කන්ද ප්‍රදේශයේ වැටලීමකට ගිය අවස්ථාවේදී පොලිසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු 49 හැවිරිදි අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

ව්‍යාපාරිකයාගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබුණේ පසුගිය 5 වනදායි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී 43 හැවිරිදි ව්‍යාපාරිකයා, බිරිඳ හා දරු දෙදෙනා නිවසේ සිට ඇති නමුත් කිසිවෙකුටත් ඉන් හානියක් සිදුව තිබුණේ නැහැ.

WhatsApp Group

Skip to content