තම දහතුන් හැවිරිදි දියණිය අතවරයකට ලක්ව ඇති බවට සැල වීමත් සමග වැලිමඩ පොලිස් ස්ථානය තුළදී ම මවුපිය යුවළක් වස පානය කර තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයෙන් පසු වු මවුපිය යුවළ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කළා.

වැලිමඩ නගරයේ සවස් කාලයේ තනියෙන් මෙම දැරිය ගැවසී ඇති අතර මේ පිළිබඳව සැක සිතූ පොලිස් නිලධාරීන් ඇය වැලිමඩ පොලිසියට රැගෙන විත් තිබුණා.

අනතුරුව දැරිය රෝහල්ගත කර පසුව බදුල්ල මහ රෝහල මගින් දැරියගේ වෛද්‍ය වාර්තාව පොලිසිය වෙත යොමු කර තිබෙනවා.

පොලිසිය මගින් පසුව සිද්ධිය පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගැනීමට අදාළ දැරිය මෙන් ම පුහුල්පොළ ප්‍රදේශයේ පදිංචි  දැරියගේ මව හා පියා වැලිමඩ පොලිසියට කැඳවා තිබුණා.

මෙහිදී සිය දියණිය අතවරයට ලක්ව ඇති බව මවුපියන් දැනගෙන සිටියා.

පොලිසිය දැරියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා අතරතුරදී අදාළ ස්ථානයෙන් ඉවතට පැමිණි මෙම යුවළ මෙසේ වස පානය කර තිබෙනවා.

ඔවුන් වස බෝතල් ද පොලිසියට පැමිණීමේදී සඟවාගෙන රැගෙන ඇවිත් ඇතැයි සැක කරනවා.

වස පානය කළ බව දැනගත් පොලිස් නිලධාරීන් ඉතා කඩිනමින් මෙම යුවළ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

දැරිය අතවරයට පත් කිරීමට සැකපිට දැරියගේ ප්‍රකාශයක් අනුවල වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය පිළිබඳව වැලිමඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

WhatsApp Group

Skip to content