කළුතර ප්‍රදේශයේ පොලිස් නිලධාරින්ට සහ බන්ධනාගාර නිලධාරින්ට නිල ඇඳුම් මසන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක`ඵතර උතුර ප්‍රදේශයේ පුද්ගලයෙක්.

සැකකරු අද ක`ඵතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර යුක්තිය මෙහෙයුමේ දෙවන අදියර අද සිට ක්‍රියාත්මක බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මත්ද්‍රව්‍ය ජාලයේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විනාශ කිරීම සදහා මෙම මෙහෙයුම ආරම්භ කළ බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content