බ්‍රසීලයේ ප්‍රධාන නගර තුනක මත්ද්‍රව්‍ය කල්ලි ඉලක්ක කර ගනිමින් පොලිසිය සිදු කළ වැටලීමකදී පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ, දින 5 ක් පුරා මෙම වැටලීම සිදුකර ඇති බවයි.

මේ අනුව රියෝ ද ජැනයිරෝ නුවර සිදු කළ වැටලීමේදී පොලිසිය සමඟ වෙඩි හුවමාරුවේදී පුද්ගලයින් 10 දෙනෙකු මිය ගියා.

එමෙන්ම සාපාලෝ නුවර සිදු කළ වැටලීම්වලදී 16 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එම වැටලීමේදී මත්ද්‍රව්‍ය කිලෝ 385 ක් සහ ගිනි අවි ද පොලිසිය සොයා ගත්තා.

WhatsApp Group

Skip to content