පොලිස්පති මහජන දිනය යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර තිබෙනවා.

එ අනුව ඔක්තෝබර් මස 11 වනදා සිට පොලිස් මහජන දිනය පැවැත්වෙන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ.

පොලිස් ස්ථාන හා විවිධ විමර්ශන අංශ මගින් තම පැමිණිලි සදහා අපේක්ෂිත සහයන් ලබා ගැනීමට නොහැකි වු අයට ඒ සදහා සෘජුවම පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් කඩිනම් විසදුම් ලබා දීම පොලිස් මහජන දිනයේ අරමුණයි.

රජයේ නිවාඩු දිනයක් නොවන සෑම සිකුරාදා දිනයකම වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මහජන දිනය පැවැත්වෙනු ඇති.

WhatsApp Group

Skip to content