පොලිස් භාරයේ සිටියදී පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශනයකට අනුව සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 7 දෙනෙක්.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හික්කඩුව ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවූ නාරාහේන්පිට වෘත්තීය පුහුණු ආයතනයේ සේවය කළ නිලධාරියෙකු මෙලෙස පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව අභිරහස් ලෙස මියගොස් තිබුනා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content