පොලිස් නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් ජංගම දුරකථන සහ ලැප්ටොප් ඇතුළු භාණ්ඩ සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

යතුරු පැදියක් ද උපයෝගී කර ගනිමින් පොලිස් නිලධාරීන් වශයෙන් ගොස් පුද්ගලයන් බිය වද්දා ඔවුන් සතු ජංගම දුරකථන 90 ට ආසන්න ප්‍රමාණයක් සහ ලැප්ටොප් පරිගණක 5 ක් ,ටැබ් පරිගණක 2ක් ඇතුළු භාණ්ඩයි ඔවුන් මෙලෙස කොල්ලකා ඇත්තේ .

මෙම භාණ්ඩ සැකකරුවන් විසින් ස්ථාන රැසක පුද්ගලයන්ට අලෙවි කර තිබියදී පොලිසිය සොයා ගැනීමට සමත් වුණා .

එම පුද්ගලයින් මෝදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වුනේ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ටයි .

මොවුන් දෙදෙනා යතුරුපැදියෙන් ගොස් විවිධ පුද්ගලයන් පරීක්ෂාකර ඔවුන් සතු ජංගම දුරකන ඇතුළු දේපළ සොරා ගෙන යන බවට පොලීසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගනු ලැබුවා .

WhatsApp Group

Skip to content