සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් සමග සබදතා පැවැත්වු බව කියන පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ පොලිස්පතිවරයා විසින් සිදුකළ නියෝගයකට අනුවයි.

දකුණු පළාතේ පොලිස් නිලධාරීන් පිරිසක් මෙලෙස සංවිධනාත්මක අපරධකරුවන් සමග ගණුදෙනු සිදුකරන බවට චෝදනා එල්ල වී තිබෙනවා.

චෝදනා එල්ල වන නිලධාරීන් අතරට පසුගියදා රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශයට උසස් වීමක් ලද උසස් පොලිස් නිලධාරියෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

අපරාධ කල්ලි සාමාජිකයින් විසින් ඔවුන්ගේ බැංකු ගිණුම්වෙල අවස්ථා ගණනාවකදී මුදල් බැරකර ඇති බවට ද වාර්තාවනවා.

WhatsApp Group

Skip to content