දියතලාව නගරයේ රාජකාරි කළ පොලිස් උප පරීක්ෂකවරයකුගේ යතුරුපැදියක්  පැහැරගෙන වෙනත් ස්ථානයකට ගෙන ගොස් ගිනිතබා විනාශ කර දමා තිබියදී අද අලුයම  හමුවූ බව දියතලාව පොලීසිය පවසනවා.

දියතලාව  පොලිසියට අනුයුක්තව රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් යතුරු පැදියක් මෙසේ  රැගෙන ගොස් ගිනි තබා තිබුණා.

රාත්‍රී අමුත්තන්ගේ මෙහෙයුම් රාජකාරියේ යෙදී සිටින අතරතුර බීමත් තීරෝද රථයක් දියතලාව  නගරයේ දී අත්අඩංගුවට ගෙන  එම ත්‍රී රෝද රථය පදවා ගෙන උප පොලිස් පරීක්ෂක වරයා පොලිසියට රැගෙන ගොස් ඇති අතර උප පොලිස් පරීක්ෂක වරයාගේ යතුරුපැදිය  එම ස්ථානයකම නවතා ගොස් තිබෙනවා.

පසුව නැවත ගොස් යතුරු පැදිය ගෙන ඒමට ගියද එම ස්ථානයේ නොතිබීම නිසා සොයා බැලීමේදී එය දියතලාව ගල්කන්ද ප්‍රදේශයේ ගිනි තබා තිබියදී හමු වූ බව පොලිසිය පවසනවා.

යතුරුපැදිය මුළුමනින්ම  ගිනිගෙන විනාශ වී තිබූ බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

මෙසේ යතුරු පැදිය පැහැරගෙන  ගිනිතබා විනාශ කළ පුද්ගලයන් සොයා කඩිනම් විමර්ශනයක් ආරම්භ කළ බවද දියතලාව පොලීසිය පැවසුවා.

දියතලාව  පොලීසිය පරීක්ෂණ පවත්ව.

 

 

WhatsApp Group

Skip to content