මාවතගම නගරයේදී අණ නොතකා කුරුණෑගල දෙසට පලා යමින් තිබූ මෝටර් රථයක් ලුහුබැඳ එහි තිබූ තියුණු ආයුධ ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී මෝටර් රථයේ ගමන් කළ සිව් දෙනෙකු පලා ගොස් ඇති අතර එහි රියදුරු බීමත්ව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි වියේ පසුවන දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය විසින් මෝටර් රථයේ තිබී කඩු 4 ක්, විදුලි ඩෙටනේටර් 9 ක්, ජෙලග් නයිට් කූරක් මෙන්ම ඇමෝනියම් කිලෝ 1 යි ග්‍රෑම් 300 ක් සහ කැණීම් උපකරණ කිහිපයක් ද සොයා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content